― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeArtඔස්කාර් සම්මානලාභී නළු Lee Sun-kyun ජීවිතක්ෂයට

ඔස්කාර් සම්මානලාභී නළු Lee Sun-kyun ජීවිතක්ෂයට

ඔස්කාර් සම්මානලාභී Parasite චිත්‍රපටයේ රංගනයෙන් ප්‍රසිද්ධියට පත් දකුණු කොරියානු නළු Lee Sun-kyun මිය ගොස් තිබෙනවා.

48 හැවිරිදි රංගන ශිල්පියා අද පෙරවරුවේ සෝල් හි ප්‍රධාන උද්‍යානයක මෝටර් රථයක් තුළ සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Lee Sun-kyun සියදිවි නසා ගත්තේද යන්න මෙතෙක් පැහැදිලි නොමැති අතර දකුණු කොරියා පොලිසිය පැවසුවේ ඔහු සටහනක් ලියා නිවසින් පිටව ගිය බවට තොරතුරක් ලැබී ඇති බවයි.

Parasite චිත්‍රපටයේ Lee Sun-kyun ගේ රංගනය ඉතා ඉහළ ඇගයීමකට ලක්වූ අතර චිත්‍රපටයට හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන හතරක් හිමි වුණා.

ජනප්‍රිය රංගන ශිල්පියා පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයකට ද ලක්ව සිටියා. යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඔහු සෝල් හි අවන්හලකට ගොස් විවිධ මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවට සැක කරන බවයි. එහිදී තරුණියක් ලබා දුන් දේ තමා ගත්ත ද ඒවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බව තමන් දැන නොසිටි බවටයි ඔහු පවසා තිබුණේ.

නිළියක් වන Jeon Hye-jin සමඟ විවාහ වී කුඩා පුතුන් දෙදෙනෙකු ද සිටි මෙම නළුවා දශක දෙකකට වඩා වැඩි කාලයක් රංගනයෙන් වෘත්තීය ජීවිතයක් ගත කළා. ඔහු චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසක ප්‍රධාන චරිතය රඟපෑ අතර 2010 දශකය වන විට විශිෂ්ට නාමයක් ද හිමි කර ගත්තා.

හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ඉංග්‍රීසි නොවන භාෂා චිත්‍රපටය බවට Parasite පත් වූ නිසා ඔහු ජාත්‍යන්තර කීර්තියට ද පත්ව සිටිනවා.

වාර්තාවලට අනුව මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවීම හමුවේ ඇතැම් ව්‍යාපාර ආයතන ඔවුන්ගේ වෙළඳසැල්වලින් Lee Sun-kyunගේ රුව ඇතුළත් පෝස්ටර් සහ දැන්වීම් ඉවත් කරනු දක්නට ලැබුණු බව සඳහන්.

ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය භාවිතය වැනි වැරදි දකුණු කොරියාවේ බරපතල අපරාධ ලෙස සැලකෙන අතර මරිජුවානා පරිභෝජනය වසර පහක් දක්වා සිරදඬුවම් ද ලැබිය හැකි වරදක් වනවා.

දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල් මත්ද්‍රව්‍ය මර්දනය කරන බවට ප්‍රතිඥා දී තිබෙනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෑතකදී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විමර්ශනයට ලක් වූ දකුණු කොරියානු කීර්තිමත් පුද්ගලයා ලී පමණක් නොවන බවයි. මෙම මාසයේ මුලදී, K-pop තරුව G-Dragon ද සති ගණනක පරීක්ෂණවලින් පසුව මත්ද්‍රව්‍ය චෝදනාවලින් නිදහස් වුණා.

රංගන ශිල්පී Yoo Ah-in ද මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණදී සිටිනවා.