― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඋල්හිටියේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ

උල්හිටියේ වාන් දොරටු සියල්ලම විවෘත කෙරේ

ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම අද (27) දහවල් මීටර් බින්දුවයි දශම තුන බැගින් හදිසියේම විවෘත කර තිබෙනවා.

හතම අද (27) දහවල් මීටර් බින්දුවයි දශම තුන බැගින් හදිසියේම විවෘත කර තිබෙනවා.

උල්හිටිය ජලාශ භාර නිලධාරීයා පැවසුවේ මේ හේතුවෙන් පහළ රත්කිඳ සිට ගිරාදුරුකෝට්ටේ දක්වා ඇති මාර්ගයේ කෝසුව මේ වන විට ජලයෙන් යටවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

මේ අතර රොටලවෙල, තෙල්දෙණියාය, අළුයටවෙල, දිවුලපැලස්ස යන ප්‍රදේශවලටද මෙම වාන් දොරටු හරහා එන ජලය හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසද ජලාශභාර ඉංජිනේරුවෝ ගම්වැසියන්ට අනතුරු අඟවති.