28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅයියා මලෝ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

අයියා මලෝ ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි

කොග්ගල මෝදරගොඩදි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් මල්ලි විසින් අයියාට පහරදි  කොග්ගල ඔයට දමා ඝාතනය කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ කොග්ගල මෝදරගොඩ පදිංචිව සිටි 69හැවිරිදි ධිවර කාර්මිකයෙකි.

සැකකාර මල්ලිද ධිවරයෙකු වන අතර ඔරුවක් සම්බන්ධයෙන් දෙදෙනා අතර කලක පටන් ආරවුලක් පැවති බවත් සැකකාර මල්ලි බිමත්ව  අද (07) අලුයම 1.30ට පමණ  අයියාට පහරදි ඔයට දමා ඇති බවත් පසුව අසල්වාසින් ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක කරුණාරත්න මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක්  විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.