― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅයිස් ප්‍රවාහනය කළ 'මාමා' අත්අඩංගුවට

අයිස් ප්‍රවාහනය කළ ‘මාමා’ අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ‘මාමා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් ඔහු නවාතැන් ගෙන සිටින සුඛෝභෝගී නිවාස සංකීර්ණය ද වටලා තිබේ.

එහිදී එහි සිටි සුරූපී තරුණියන් සිව් දෙනෙකු සමඟ තවත් තරුණයන් හතර දෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා පානය කිරීමට යොදා ගන්නා උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මූලික පොලිස් පරීක්ෂණවලදී අණාවරණය වී ඇත්තේ සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබා දී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ද සිදුවන බවයි.

පොලිස් නිලධාරීන් එම නිවස වැඩිදුරටත් සෝදිසි කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා කුඩා ඉටිකවර විශාල ප්‍රමාණයක් ද සොයා ගෙන තිබෙනවා.