― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකේරළ ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේදී යතුරුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ (27) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 800 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ජාවාරම්කරුවෙකු වෙත ලබාදීමට ගංජා තොගය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.

යාපනය, චාවකච්චේරි පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු හා ගංජා තොගය යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.