― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

තවත් ආනයනික බිත්තර මිලියන 08ක් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එම බිත්තර සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවයි එහි සභාපති ආසිරි වලිසුන්දර පැවසුවේ.

ඒ අනුව එම බිත්තර අද (28) සිට සතොස වෙළෙඳසැල් හරහා පාරිභෝගිකයන්ට ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

උත්සව සමයේ බිත්තරවලට පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන් බොහෝ වෙළෙඳසැල්වල බිත්තර තොග අවසන් වී ඇති අතර දිනකට බිත්තර මිලියනය බැගින් දිවයිනට ආනයනය කරන බවයි ඔහු අවධාරණය කළේ.