― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමාතරට එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

මාතරට එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට

මාතර බන්ධනාගාරයට රැගෙන එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මාතර බන්ධනාගාරයේ මොළේ උණ රෝගය පැතිරීමේ අවදානම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

අවදානම් සහිත බවට සැකකෙරන අනෙකුත් බන්ධනාගාර සඳහා මොළේ උණ රෝගයට ප්‍රතිශක්ති ජනක ඖෂධ ලබාදීමට තීරණය කළ බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ පවසනවා.

ඒ අනුව කඩිනමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.