26.7 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවයක්

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවයක්

කොළඹ කොටුවේ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.

විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් එම අංශය වෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණි සේවාලාභීන් අසීරුතාවට පත්වීමෙන් එම නොසන්සුන්තාව හටගෙන ඇති බව වාර්තා වේ.

කොන්සියුලර් අංශය පවත්වාගෙන යන අදාළ පෞද්ගලික ගොඩනැගිල්ලේ ගැටලුවක් හේතුවෙන් විදුලිය බිඳවැටීමක් සිදුව ඇත.

කෙසේවෙතත් විදුලි සැපයුම කඩිනමින් ලබාදීම සඳහා අදාළ බලධාරීන් එකඟතාවය පළ කර ඇති අතර ඒ අනුව සේවාවන් ලබාදීමේ කටයුතු ඉක්මණින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.