තම ලෙයින් උපන් වයස අවුරුදු දහතුනක දියණිය දූෂණය කළ නරුම පියෙක් ගැන පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා.
මොහු තම බිරිඳට පහර දී වයස අවුරුදු දහතුනක දියණිය දූෂණය කර ඇති අතර පොලිස් කොස්තාපල්වරයෙක් වශයෙන් සේවය කරනු ලබනවා.
කෙසේනමුත් අනුරාධපුර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (27) මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මොහු වයස අවුරුදු 38ක අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කොස්තාපල්වරයා අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසිය පවසන්නේ.