― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋසස් පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයින් තහනම්

උසස් පෙළ උපකාරක පන්ති අද මැදියම් රැයින් තහනම්

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.

ඒ අනුව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ලබාදීම හා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ඒ පිළිබඳ ප්‍රචාරය කිරීම ද තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම නියෝගය කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන මස 04 වැනිදා ආරම්භ වන අතර 31 වැනිදා දක්වා එය අවසන් වීමට නියමිතයි.