26 C
Colombo
Thursday, October 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනවාරියේ මත්පැන් මිලත් ඉහළට

ජනවාරියේ මත්පැන් මිලත් ඉහළට

ලබන මාසයේ සිට මත්පැන්වලද මිල ඉහළ යනු ඇති බව ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ එරන්ද කොඩිතුවක්කු පවසනවා.

ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ සුරාබදු සංශෝධනයක්ද සිදුකිරීමට නියමිත බවයි.

ඒ අනුව ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන නව බදු සංශෝධනයට අනුව භාණ්ඩ හා සේවා රැසක් සදහා සියයට 18 ක වැට් බද්ද පැනවෙනු ඇති.

අලු‍තින් වැට් පැනවෙන භාණ්ඩ අතරට එල්.පී. ගෑස්, පෙට්‍රල්, ඩීසල්, සූර්ය පැනල, ගෘහස්ථ සූර්යබල පද්ධති, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර, ජංගම දුරකථන සහ රසායනික පොහොර ඇතුළු භාණ්ඩ වර්ග 95 ක් අයත් වන බවයි ඔහු පැවසුවේ.