― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට උපදෙස්

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට උපදෙස්

ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින කරඬුව වැඩම කර වූ මියගිය, නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට ජනාධිපතිවරයා එලෙස උපදෙස් ලබා දුන් බවයි.

අනාගත පරපුරට දැකගැනීම සඳහා නැදුන්ගමුවේ හස්ති රාජයාගේ සිරුර සංරක්ෂණය කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇති අතර ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා හස්ති රාජයා සිටි වැලිවේරිය, නැදුන්ගමුව වෙත ගොස් සිටින බව ද අදාළ නිවේදනයේ  සඳහන්  වේ.

මියයන විට නැදුන්ගමුවේ රාජාගේ වයස අවුරුදු 69 කි.

1953 වසරෙහිදී උපන් නැදුන්ගමුවේ රාජා 2006 වසරේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරවනු ලැබුවේ, ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙස ගෞරවයට පාත්‍රවෙමිනි.