― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News2024 කිසිම සමාගමකට බදු නොගෙවා ඉන්න බෑ

2024 කිසිම සමාගමකට බදු නොගෙවා ඉන්න බෑ

2024 වසරේ සිට කිසිඳු සමාගමකට බදු නොගෙවා ඉන්නට අවස්ථාවක් නොදෙන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආශු මාරසිංහ කියා සිටියේ 2024 ජනවාරි සිට බදු විමර්ශන අරඹන බවත් බදු නොගෙවන සමාගම් බදු දැලට හසු කරගන්නට පියවර ගන්නා බවත්ය.

බදු නොගෙවන අය කවුදැයි අනාවරණය කරගැනීමේ ක්‍රමවේදයක් සකසන බවත් ඔහු එහිදී සඳහන් කළේය.