මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන අද (01) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
මෙම දුම්රිය කාලසටහන සංශෝධනය සති දෙකක කාලයක් අත්හදා බැලීමෙන් අනතුරුව අඛණ්ඩව ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධව අවසන් තීරණයක් ගන්නා බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ පැවසුවේ.
ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි දුම්රිය අද පෙරවරු 5.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කරනු ඇති.
මෙතෙක් සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සෙනසුරාදා දිනයේ ද ධාවනය කිරීමට නියමිත අතර සතියේ දිනවල රාත්‍රී 8.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට අලුත්ගම දක්වා ගමනාන්තය දීර්ඝ කර ඇති තිබෙනවා.
පස්වරු 2ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය වන දුම්රිය අද සිට පස්වරු 1.55ට මරදානේ සිට අලුත්ගම දක්වා ධාවනය කෙරෙනු ඇති.


