ලිට්රෝ ගෑස් මිල ඉහළ දමන බව එම සමාගම පවසනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685.00 කින් මිල ඉහළ දමා තිබෙනවා.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝග්රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,250ක්. එමෙන්ම කිලෝග්රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276.00කින් ද, කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127.00කින් ඉහළ දමා තිබෙනවා.


