26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලේම වාන් දොරටු ඇරෙයි

මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලේම වාන් දොරටු ඇරෙයි

කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ සියල්ලෙහිම වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඒ අනුව කියුබික් ඝන මීටර් මිලියන 721ක උපරිම ධාරිතාවයෙන් යුක්ත වික්ටෝරියා ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු අටම විවෘත වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස සියලුම වාන් දොරටු එලෙස විවෘත වී ඇත්තේ දෙවර්ෂයකට පසුව බවද කාර්යයභාර ඉංජිනේරු සාලිය රත්නායක පවසන්නේ.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත වී තිබෙන අතර මීටර් 2.5 බැගින් දොරටු විවෘත කිරීම නිසා තත්ත්පරයට ඝන මීටර් 1050ක ජල ධාරිතාවක් ද විදුලි උත්පාදනය මගින් තත්පරයට ඝන මීටර් 1230ක්ද රන්ටැඹේ ජලාශයට මුදා හැරෙනවා.

රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පහළ මහවැලි ගංගාවේ පිහිටි රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු හතරම විවෘත වී තිබෙන අතර එමගින් තත්පරයට ඝන මීටර් 1600ක ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට නිකුත් කෙරෙනු ඇති.

එමෙන්ම අඛණ්ඩව ජලය මුදා හැරීම හේතුවෙන් පහළ ප්‍රදේශයේ ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිමත් වන ලෙසත් හදිසි ගං වතුර තත්ත්වයන් පිළිබද නිවේදන පිළිබදව අවධානය යොමු කරන ලෙසත් රන්දෙණිගල කාර්යයභාර ඉංජිනේරු රුවන් බණ්ඩාරනායක දැනුම් දෙනවා.මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ සියල්ලේම වාන් දොරටු ඇරෙයි