30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේදුරුතුඩුවේ හදිසි ගින්නක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

පේදුරුතුඩුවේ හදිසි ගින්නක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රී 12.40ට පමණ පේදුරුතුඩුව, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක හදිසි ගින්නක් ඇතිව තිබෙනවා.

මෙම ගින්නෙන් පුද්ගලයින් දෙදෙනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පේදුරුතුඩුව පොලිසිය සඳහන් කළේ.

රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් මියගොස් ඇත්තේ අවුරුදු 37 සහ 45 යන වයස්වල පසුවූ පුද්ගලයින් දෙදෙනෙක්.

මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත ශරීර මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති බවයි පේදුරුතුඩුව පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.