28.4 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන් දකුණු වරාය නගරයක් වන බුසාන් හි සංචාරයක යෙදී සිටිය දී පිහි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔහුගේ ගෙල ප්‍රදේශයට මෙම පිහි ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නාඳුනන පුද්ගලයෙකු විසින් අද මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර තුවාල ලැබූ විපක්ෂ නායකවරයා ප්‍රදේශීය රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 50ත් 60ත් අතර වයසේ පසුවන අයෙක්.