― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියේ මෙහෙයුමෙන් තවත් 822ක් අත්අඩංගුවට

යුක්තියේ මෙහෙයුමෙන් තවත් 822ක් අත්අඩංගුවට

ඊයේ (01) අලුයම 12.30 සිට අද (02) 12.30 දක්වා කාලය තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 822 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන්, සැකකරුවන් 60ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් 72දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඊට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගැනුණු පිරිස අතර සිටින බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 273ක්, අයිස් ග්‍රෑම් 111ක්, ගංජා කිලෝ 01යි ග්‍රෑම් 623ක්, ගංජා පැල 100ක් මාවා ග්‍රෑම් 04ක් සහ මත්පෙති 426ක් මෙහිදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.