27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකීරි සම්බා ටොන් 50,000ක් ආනයනයට පියවර

කීරි සම්බා ටොන් 50,000ක් ආනයනයට පියවර

ජනවාරි 21 වැනිදාට පෙර කීරි සම්බා මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනයට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම කාලය තුළ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම අසීරු බවත් එහෙත් එම කාලය තුළ යම් ප්‍රමාණයක් හෝ කීරි සම්බා සහල් මෙරටට ගෙන ඒමට උත්සාහ කරන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.

ඒ අනුව ආනයනික කීරි සම්බා කිලෝග්‍රෑම් 1 ක් රුපියල් 235 ක මිලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ අද (02) හෝ හෙට (03) කීරි සම්බා සහල් තොගයක් මෙරටට ගෙන එන බවයි.