මඩකළපුව – පොළොන්නරුව ප්රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු නවතා දමා තිබෙනවා.
මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙනුයි මෙලෙස එම මාර්ගය වසා දමා ඇත්තේ.
ඊයේ (01) පස්වරුවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් එම මාර්ගයේ ගල්වැල්ල ප්රදේශයෙන් ලොරි රථ සහ බස් රථවලට ගමන් කිරීමටයි අවස්ථාව ලබා දී තිබුණා.
කෙසේ වෙතත් අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාමෙන් යළි ගමනාගමන කටයුතු අත්හිටවනු ලැබූ බවයි පොලීසිය පැවසුවේ.