දුම්රිය, ත්‍රීරෝද රථ සහ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු ඇතුළු ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ මීට අදාළ පනත වෙනස් කිරීම සඳහා මේ වනවිට නීතිපතිවරයා වෙත අදාළ ලියකියවිලි යවා ඇති බව්සයි.
ඒ අනුව ඊයේ (01) දිනයේදී ප්‍රවාහන කේෂ්ත්‍රයට අදාළ ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේ බලය ජාතික ගමනාගමන කොමිසමට ලබාදෙන ලෙස දන්වමින් තමා කැබිනට් පත්‍රිකාවක් ලබාදුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.