හමාස් නියෝජ්‍ය නායක Saleh al-Arouri ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ඊයේ (02) ලෙබනනයේ බේරූට් අගනුවරට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හමුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මාස තුනකට පමණ පෙර ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් පාලකයන්ට එරෙහිව ගුවනින් සහ ගොඩබිමින් සුනුවිසුනු කරන ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු ඝාතනයට ලක් වූ පළමු ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙක් ලෙස මොහු හඳුන්වා දිය හැකිය.