― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකොළඹ 7 පියානෝ ගුරුවරියගේ මරණයට හේතුව හෙළිවෙයි

කොළඹ 7 පියානෝ ගුරුවරියගේ මරණයට හේතුව හෙළිවෙයි

කොළඹ 07, විජේරාම මාවතේ නිවසක පදිංචිව සිටි පියානෝ උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරියගේ මරණයට හේතුව මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සිදුකළ පාපොච්චාරණයෙන් හා කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්. ඩී. එම් අබේවර්ධනගේ උපදෙස් පිරිදි කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිදුකළ විමර්ශනවලිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

පසුගිය දෙසැම්බර් 15 වැනිදා රාත්‍රියේ අදාළ ගුරුවරිය අභිරහස් ලෙස මරණයට පත්ව ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් පැමිණ තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ නිවසට යන අවස්ථාවේදී නිවසේ විදුලිය විසන්ධි වී තිබී ඇති අතර මියගිය කාන්තාවගේ මුහුණෙහි හා අතක ලේ පැල්ලම් දක්නට ලැබුණු බවයි පොලීසිය පැවසුවේ.

කාන්තාව මියගොස් වැටී සිටි තැන පිරිසිදු කර ඇති අතර නිවසේ ප්‍රධාන ස්විචයද ක්‍රියා විරහිත වී තිබූ බැවින් පොලීසිය සැක පළ කළේ අදාළ මරණය ඝාතනයක් බවයි.

සැක කටයුතු පුද්ගලයෙක් නිවසට ඇතුළු වන අයුරු හා ඉන් පිටව යන ආකාරය නිවසේ සවි කර තිබූ CCTV කැමරාවේ පටිගත වී ඇති අතර සැකකරු කොළඹ නිවාසවල වතු සුද්ද පවිත්‍ර කරන කම්කරුවෙක් බවත් ඔහු අවිවාහකයෙකු බවත් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙම සැකකාර කම්කරුවා ඊයේ (02) උදෑසන සිය නිවසේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පොලීසිය හමුවේ සියල්ල පාපොච්ඡාරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු පොලීසිය හමුවේ පවසා ඇත්තේ තමා දෙසැම්බර් මස 15 වන දින උදෑසන මෙම ගුරුවරියගේ නිවසේ සුද්ද පවිත්‍ර කටයුතු සඳහා ගිය බවත් එහිදී ඇයව දූෂණය කර පසුව වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ බවත්ය.

පසුව එම නිවසේ තිබූ මියගිය කාන්තාවගේ ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය හා මුළුතැන්ගෙහි තිබූ ගෑස් සිලින්ඩර් සොරකම් කර විවිධ පුද්ගලයින්ට විකුණූ බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මේ වනවිට කුරඳුවත්ත පොලීසියේ රඳවා තබා ඇති අතර අද (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.