ජනප්‍රිය ගායක චාමර වීරසිංහට තවත් මාස කිහිපයක් ගායනා කිරීමට නොහැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.
මේ දිනවල රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
චාමර වීරසිංහ මේ වන විට සුව අතට පත්වෙමින් සිටින අතර යන්ත්‍ර ආධාරයෙන් නොව සාමාන්‍ය ආකාරයෙන් ශ්වසනය සිදු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහුට මේ වන විට සුවය ලැබෙමින් පැවතුණ ද තවමත් නිසි සුවයක් නොමැති බැවින් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙමින් සිටිනවා.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දුන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙමින් වෛද්‍යවරුන්ගේ දැඩි නිරීක්ෂණයට ලක්වෙමින් සිටින බවයි.
සියයට සියයක්ම චාමර වීරසිංහ සුව අතට පත්ව නිවසට යාමට හැකියාවක් නොමැති වුව ද තත්වය සුව අතට හැරී ඇති බවට වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය දැනුම්දී තිබෙනවා.
ජනප්‍රිය ගායන ශිල්පියා උගුරේ සැත්කමකට භාජනය නොකළ අතර ශ්වසන පද්ධතියට සුළු සැත්කමක් සිදු කළ නමුත් එය ශල්‍යකර්මයක් ලෙසට හැඳින්විය නොහැකි බවයි වෛද්‍යවරයා පවසන්නේ.
එම සැත්කම හේතුවෙන් ඔහුගේ හඬ යථා තත්වයට පත්වීමට කාලයක් ගත විය හැකි බවයි රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ.
එබැවින් ඔහු (Voice Rest) හඬ විවේකයක් ගත යුතු වනවා. එබැවින් ගායනා නොකර කාලයක් සිටිය යුතු වන අතර මාස 4ක් පමණ යන විට ක්‍රමයෙන් ගායනයට පිවිසිය හැකි වනු ඇති බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.