25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තාන ජාතිකයෝ දහස් ගණනක් පාකිස්තාන දේශ සීමා අසල

ඇෆ්ගනිස්තාන ජාතිකයෝ දහස් ගණනක් පාකිස්තාන දේශ සීමා අසල

ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානයට ඇතුළු වීම සඳහා ඇෆ්ගනිස්තාන ජාතිකයන් දහස් ගණනක් දකුණු කන්දහාර් පළාතේ ස්පින් බෝල්ඩක් දිස්ත්‍රික්කයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දරුවන් සහ කාන්තාවන් විශාල පිරිසක් ද එහි සිටින බවත්, ඔවුන් කිසිදු පිළිසරණක් නැතිව අසරණ වී සිටින බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන් බහුතරය ඇෆ්ගනිස්තානයේ නැඟෙනහිර සහ උතුරු පළාත්වලට අයත් වූවන් වන අතර, එරට රජය බිඳ වැටීමෙන් පසු රටින් පිට වීමේ බලාපොරොත්තුවෙන් මෙසේ රැඳී සිටින බව වාර්තා වේ. එහෙත් පාකිස්තානයට ඇතුළු වීමට එරට දේශසීමා හමුදාව අවසර දී නැති අතර, පාකිස්තාන හෝ කන්දහාර් පළාතට අයත් හැඳුනුම්පත් ඇති අයට පමණක් රටට ඇතුළුවීමට අවසර දී ඇතැයි වාර්තා වේ.

සති දෙකක් පුරා මෙසේ එම ස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්තාන ජනතාව මේ වන විට මුදල් හා ආහාර හිඟයකට ද මුහුණ පා සිටින බවත් වාර්තා වේ. කන්දහාර් පළාතට ඇතුළු වීමේ දොරටු පාකිස්තාන රජය විසින් වසා දමනු ලැබීමෙන් දෙපාර්ශ්වය අතර වෙළෙඳ ව්‍යාපාර ද බිඳ වැටී ඇත.