― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඑක්ස්ප්‍රස් පර්ල් නඩු විභාගය අවලංගු වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නඩු විභාගය අවලංගු වෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා, අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු හත් දෙනෙකුට එරෙහිව ගොනු කළ තිබූ නඩුවේ විභාගය අවලංගු කළ කොළඹ මහාධිකරණය එම නඩුව යළි මේ මස 23 වැනිදා යළි කැඳවන ලෙසට නියෝග කර තිබෙනවා.

මෙම නඩුව මේ මස 12 වැනිදා විභාගයට ගැනීමටයි අධිකරණය මීට පෙර නියම කර තිබුණේ. අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරුන් දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් තමා ඉකුත්දා තීන්දුවක් ලබා දුන් බවයි.

තම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර ඇති බවත් එම ඇපෑල විභාග කර අවසන් වනතුරු මෙම නඩු විභාගය ආරම්භ නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවත් විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා නියම කර තිබූ දින අවලංගු කරන අතර නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

කොළඹ වරායට ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා වූ ටියුට් කාලෝ විටැලි, එම නෞකාවේ දේශීය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු හත් දෙනෙකුට එරෙහිව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.