26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරානයේ බෝම්බ පිපිරීමක් - 103ක් ජීවිතක්ෂයට

ඉරානයේ බෝම්බ පිපිරීමක් – 103ක් ජීවිතක්ෂයට

ඉරානයේ කර්මන් නගරයේ සහේබ් අල්-සමාන් නමැති පල්ලිය ආසන්නයේදී බෝම්බ පිපිරීම් දෙකක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (03) සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 103ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේනමුත් මෙම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 141ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවට එරට රජය සැක පළ කරන අතර මේ තාක් මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් බාරගෙන නොමැත.