― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News"රට පදවන්න වෙන හොඳ රියදුරෙක් ඉන්නව නම් කියන්න"

“රට පදවන්න වෙන හොඳ රියදුරෙක් ඉන්නව නම් කියන්න”

රට නැමැති වාහනේ එලවන්න වෙන හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවදැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් පැනයක් ඇසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව විමසා සිටියේය.

වත්මන් රියදුරා අනෙකුත් විරුද්ධවාදින්ද එකතු කරගෙන රට වලවල්වලින් බේරාගෙන ඉතා වේගයෙන් හරි අතට ධාවනයෙන් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

එමෙන්ම යා යුතු වෙනත් පාරක් තිබෙනවා නම් කියන්නැයි විරුද්ධ මතවාද තිබෙන අයගෙන් ඉල්ලා සිටි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ එම පාර හොඳ හොඳ නම්, එයින් ජනතාවට යහපතක් වේ නම් ආණ්ඩුවට ඒ පාරේ ගමන් කරන්නට හැකියාව පවතින බවයි.

මීට වඩා හොඳ රියදුරන් ඉන්නවා නම් එළවන ක්‍රමය කිව යුතු බවත් පළපුරුදු නැති රියදුරන් පැමිණි විට වන්නේ වාහනයත්, පාරත්, රියදුරාත් නැත්තටම නැතිවීම බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.