― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියේ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ

යුක්තියේ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ

පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේ දී ඊයේ (04) අලුයම 12.30 සිට අද (05) අලුයම 12.30 දක්වා කාලය තුළ සැකකරුවන් 1,184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 59ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර තවත් සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 49 දෙනෙක් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව පවසන පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93 දෙනෙකු ද මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හෙරොයින් ග්‍රෑම් 337යි මිලිග්‍රෑම් 758ක්, අයිස් ග්‍රෑම් 242යි මිලි ග්‍රෑම් 372ක්, ගංජා කිලෝ 06යි ග්‍රෑම් 629ක්, ගංජා පැල 7772ක්, මාවා කිලෝ 03 ග්‍රෑම් 694ක්, හෂිස් ග්‍රෑම් 55ක්, මත්පෙති 1221ක්, කුෂ් කිලෝ 01යි ග්‍රෑම් 226ක් ද මෙම කාලය තුල සිදුකළ මෙහෙයුමේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.