― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවෝනර්ගේ නැති වූ ටෙස්ට් තොප්පිය හමුවෙයි

වෝනර්ගේ නැති වූ ටෙස්ට් තොප්පිය හමුවෙයි

කිසියම් අයෙකු විසින් සොරාගත් බව කියූ ඕස්ට්‍ර්ලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් කැප් තොප්පිය හමු වී තිබෙනවා.

මේ වනවිට ඔස්ට්‍ර්ලියානු කණ්ඩායම නවාතැන් ගෙන සිටින සිඩ්නි හි හෝටලය තුළදී ඩේවිඩ් වෝනර්ගේ එම කැප් තොප්පිය සන අනෙකුත් ආම්පන්න දමා තිබූ බෑගය හමු වී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් එය එහි පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැහැ. පකිස්ථාන සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගීවීම සඳහා මෙල්බර්න් සිට සිඩ්නි වෙත පැමිණෙන අතරතුරදී එය අස්ථාන ගත වී හෝ කිසියම් අයෙකු විසින් සොරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ පිළිබඳව දැනගත් වෝනර් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ තමාගේ ටෙස්ට් කැප් තොප්පිය ගත් කිසියම් අයෙකුවේ නම් එය දෙවන ටෙස්ට් තරගයට පෙර ලබාදෙන ලෙස කාරුණික වන ලෙසයි.

කෙසේ වෙතත් ඔහු ක්‍රීඩාකරන අවසන් ජාත්‍යනතර ටෙස්ට් තරගයට පෙර එය හමුනොවූ අතර, ඒ අනුව පෙරේදා ඔහු සිය පළමු ටෙස්ට් කැප් තොප්පිය නොමැතිව එම තරගයට පිවිසියා.

2011 වසරේදී වෝනර් ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ ඔහුට මෙම බැගී ග්‍රීන් කැප් තොප්පිය හිමි වූ අතර වෝනර් ජාත්‍යනතර ටෙස්ට් පිටියේ ක්‍රීඩාකරන අවසන් තරගය පෙර එය නැතිවීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සිය කණගාටුව පළ කර සිටියා.

කෙසේ වෙතත් යළි සිය බැගී ග්‍රීන් කැප් තොප්පිය හමුවීම සම්බන්ධයෙන් වෝනර් සිය ඉන්ටර්ග්‍රෑම් ගිණුමට වීඩියෝවක් එක්කරමින් ස්තූතිය පළකර තිබූ ආකාරය දැකගත හැකි වුණා.