29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - සිම්බාබ්වේ දෙවන එක්දින තරගය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින තරගය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතය.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දෙරට අතර පෙරේදා (06) පැවති තරගයේ සිම්බාබ්වේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් අතහැර දැමීමටයි සිදු වුණේ.

මේ අතර අද තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි පුරෝකථනය කර ඇත්තේ.

අද තරගය සඳහා බොහෝ දුරට පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.