― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඕස්ට්‍රේලියානු කටුස්සන් සමඟ පිරිසක් අල්ලයි

ඕස්ට්‍රේලියානු කටුස්සන් සමඟ පිරිසක් අල්ලයි

ඕස්ට්‍රේලියාවේ සිට හොංකොං වෙත ස්වදේශික කටුස්සන් සිය ගණනක් නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට සැලසුම් කළ අපරාධ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිව් සවුත් වේල්ස් පොලිසියට අනුව උරගයින්ගේ ඇස්තමේන්තුගත වෙළෙඳපොල වටිනාකම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.2 ක් පමණ වන බවයි.

ඒ අනුව සිඩ්නි නුවරදී පිරිමි තිදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුස්සන් 257ක් සහ සර්පයන් තිදෙනෙකු දුර්වල තත්ත්වයෙන් තබාගෙන සිට ඇති බවත් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් එරට බලධාරීන් පවසනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී හොංකොං වෙත රැගෙන යමින් සිටියදී කුඩා කන්ටේනර් නවයක රඳවා සිටි කටුස්සන් 59 දෙනෙකු සොයා ගැනීමෙන් පසු ජාවාරම්කරුවන් යැයි කියනු ලබන අය විමර්ශනය කිරීම සඳහා පොලිසිය කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබුණා.

ඒ අනුව නිලධාරීන් පසුගිය සති කිහිපය තුළ නිව් සවුත් වේල්ස් හි වැටලීම් මාලාවක් සිදු කර තිබෙනවා. සිඩ්නි නුවර එක් නිවසක තිබී කටුස්සන් 118ක්, සර්පයන් තිදෙනෙක්, බිත්තර අටක් සහ මියගිය කටුස්සන් 25ක් පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ග්‍රෙන්ෆෙල් ග්‍රාමීය ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී බෑග්වල සඟවා තිබූ කටුස්සන් හතර දෙනෙකු සොයා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වයස අවුරුදු 31 ත් 59 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් සිව්දෙනාට දේශීය උරගයන් අපනයනය කිරීම, අපරාධවලින් ලැබෙන ආදායම සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ අපරාධ කණ්ඩායමකට සහභාගී වීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

වරදකරුවන් වුවහොත් ඔවුන්ට වසර 15ක සිර දඬුවමක් හිමිවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. පසුගිය සති අන්තයේ අධිකරණයේ පෙනී සිටීමෙන් පසු පුද්ගලයන් දෙදෙනෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප වී තිබෙනවා.