― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකාවට කඩුලු 2ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 2ක විශිෂ්ඨ ජයක්

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (08) පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 208ක් රැස්කර ගත්තේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තේය. දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවා ගත්තේය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රේග් අර්වින් හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 82ක් රැස්කර ගත්තේය.

ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවට පන්දුවාර 50 තුළ ලබා ගත යුතුව තිබුණේ ලකුණු 209ක් පමණි. එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 95ක් රැස්කර ගත්තේය.

සිය මංගල එක්දින අර්ධ ශතකය සමගින් ගොඩ නැගූ ඔහුගේ එම ආරක්ෂාකාරී ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

නායකයාගේ සිට කණ්ඩායමේ සෙසු පිතිකරුවන් සුපුරුදු පරිදි වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඒ අනුව ජනිත්ගේ පිත්තේ ආනුභාවයෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ කර මතින් පන්දුවාර 49කදී කඩුලු 8ක් දැවී ලකුණු 211ක් රැස්කර ගනිමින් තරගයේ ජය හිමි කරගත්තේය.