― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News'විශ්ව බුද්ධ මුනි' නිදහස්

‘විශ්ව බුද්ධ මුනි’ නිදහස්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුරයේ විශ්ව බුද්ධා නැමති හිමිනමක් ඇපමත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්‍ ප්‍රසන්න අල්විස් අද (09) නියෝග කළා.

මෙම සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් මෙම සැකකරුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේය.

සැකකාර ‘විශ්ව බුද්ධා’ හිමියන් රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා.

පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙස නියෝග කළේය.