― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහ මැතිවරණය ගැන මහින්දගෙන් ඉඟියක්

මහ මැතිවරණය ගැන මහින්දගෙන් ඉඟියක්

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton හමුවූ අවස්ථාවේදීය.

මේ මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ. මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සළකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.”