26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් වැඩ වර්ජනයක

අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් වැඩ වර්ජනයක

අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (10) පෙරවරු 8.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක නිරත වනු ඇති.

අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ද රුපියල් 35,000 දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

මෙම වැඩ වර්ජනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සකයින්, ඖෂධ සංයෝජකවරුන්, ECG ශිල්පීන්, EEG ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය රසායානාගාර ශිල්පීන් හා දන්ත කාර්මික ශිල්පීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති රැසක් එක්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම තෝරාගත් රෝහල් කිහිපයක හෙද නිලධාරීන් ද අද දිනයේ වැඩ වර්ජනයක නිරත වන බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි පැවසුවේ.