28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට රුපියල් 38ක්

විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට රුපියල් 38ක්

විදේශගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 38ක් ගෙවීමට තීරණය කර ඇත.

මීට අමතරව අපනයනකරුවන් දිරි ගැන්විම සඳහා ලැබෙන අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට වෙළෙඳ අමාත්‍යවරයා විසින් ගෙනා යෝජනාවටද ඊයේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එහිදී පෙර කාර්තුවට වඩා උපයනු ලබන අපනයන ආදායමට වඩා උපයනු ලබන සෑම ඩොලරයක් වෙනුවෙන් මෙම දිරි දීමනාව ගෙවීමට නියමිතව ඇත.