― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමත්පැන් නිෂ්පාදනයටත් කණ කොකා හඬයි

මත්පැන් නිෂ්පාදනයටත් කණ කොකා හඬයි

ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල් ආනයනය අත්හිටුවා ඇත.

ගල්ඔය සීනි කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරී වරුණ මදුෂාන් පැවැසුවේ දෛනිකව එතනෝල් ලීටර් විසිහතර දහසක් (24000) නිපදවන බවයි. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවෙන් දෛනිකව ලීටර් විසිදහසක් (20000) සහ සෙවණගල කර්මාන්ත ශාලාවෙන් දෛනිකව ලීටර් දහ අටදහසක් (18000) නිෂ්පාදනය කරයි. එහෙත් ලංකාවේ ප්‍රදානතම මත්පැන් නිෂ්පාදානාගාරය සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ සිය නිෂ්පාදන සඳහා ලීටර් අසූ දහසකට (80000) වඩා දෛනිකව අවශ්‍ය බවයි. ගල්ඔය සීනි කර්මාන්ත ශාලාව ඩීසල් හිඟය හා විදුලි කප්පාදුව නිසා ජෙනරේටර් කුලී පදනම මත ලබා ගැනීම හේතුවෙන් අමතර වියදමක් දැරීමට ද සිදුව ඇති බව අනාවරණය වේ.
කෙසේ වෙතත් නියමිත පරිදි එතනෝල් නොලැබුණහොත් මාර්තු 22 වැනි දින සිට මත්පැන් නිෂ්පාදනය නතර කරන බවද මෙරට ප්‍රධානම මත්පැන් නිෂ්පාදනාගාරය සුරාබදු දෙපාර්තමෙන්තුවට දැනුම් දී තිබේ.