පවතින අධික වර්ෂාවත් සමඟ නිවසක බිත්තියක් කඩා වැටී වයස අවුරුදු 23ක එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇගේ වයස අවුරුදු 1 1/2ක් වූ කුඩා දියණියද වයස අවුරුදු 26 ක් වූ ස්වාමිපුරුෂයා ද තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වැඩිදුර ප්රතිකාර ලබාදීම සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ (10) රාත්රියේ පැවති අධික වර්ෂාවත් සමඟයි මෙම අනතුර සිදු වී ඇත්තේ.