30 C
Colombo
Friday, May 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකිඹුලා ඇළ ගුණාගේ මස්සිනා අත්අඩංගුවට

කිඹුලා ඇළ ගුණාගේ මස්සිනා අත්අඩංගුවට

කිඹුලා ඇළ ගුණාගේ මස්සිනා වන ‘රාජ කුමාර්’ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු කොළඹ කොට්ඨාස බ්ලුමැන්ඩල් පොලිස් වසමේ සිදුකරනු ලැබූ යුක්තියේ මෙහෙයුමේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අද (11) අලුයම සිදු කළ එම මෙහෙයුමට පොලිස් නිලධාරීන් 50ක්, යුද හමුදා නිලධාරීන් 50ක්, නාවික හමුදා නිලධාරීන් 100ක්, විශේෂ කාර්ය බලකා නිලධාරීන් 100ක් සහ පොලිස් නිල සුනඛයෙකු යොදාගෙන තිබේ.

එම මෙහෙයුමේදී හෙරොයින් නඩු හයක් සහ හෙරොයින් හයිකෝට් නඩුවක්, අයිස් නඩු හතරක්, ගංජා නඩුවක්, නීති විරෝධී මත්ද්‍රව්‍ය ගෝඩා නඩුවක් සම්බන්ධයෙන් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.