― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅත්‍යවශ්‍ය ඖෂධ 60ක හිඟයක්

අත්‍යවශ්‍ය ඖෂධ 60ක හිඟයක්

රටපුරා රජයේ රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 කට ආසන්න ප්‍රමාණයක හිඟතාවයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමේ වැඩපිළිවෙලක් නොමැතිනම් වහාම මානුෂීය ආධාර ඉල්ලුම් කරන්නැයි ඔවුන් රජයෙන් ඉල්ලයි. ඖෂධ ආනයනය සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ණයවර ලිපි නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ නැවත ලියාපදිංචි කිරීම මෙන්ම නව ලියාපදිංචියේදී ඇතිවන ප්‍රමාදය ආදී කරුණු මෙම ඖෂධ සඳහා බලපා ඇත.

මෙම හිග ඖෂධ අතර ජීවිතාරක්ෂක ඖෂධ තුනක්, හදවත් රෝගීන්ට, පිළිකා රෝගීන්ට, තැලසීමියා රෝගී දරුවන් මෙන්ම විවිධ සංකූලතා ඇති රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධ කීපයක්ද වන බව වාර්තා වෙයි.

ඉදිරි සති දෙකේදී මෙම ඖෂධ හිගය තවදුරටත් දරුණු වනු ඇතැයි ඔවුන් අවධාරණය කරයි.