29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsක්‍රිකට් තහනම ඉවත් කරන දිනය ගැන ඉඟියක්

ක්‍රිකට් තහනම ඉවත් කරන දිනය ගැන ඉඟියක්

ශ්‍රී ලංකාවට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ලබන පෙරබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරව සිටින අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සමඟ පැවැති සාකච්ඡාවේදී ඒ මහතා එවැනි ඉඟියක් කළ බවයි.

ඒ අනුව ලබන මාර්තු මස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීම පැවැත්වීමට නියමිත බවත්, සූම් තාක්ෂණය හරහා විශේෂ විධායක සභාවක් පවත්වා ශ්‍රී ලංකාවේ තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවට ජෙෆ් ඇලර්ඩිස් පැවසූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ වෙතත් පෙබරවාරි මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති තහනම ඉවත් නොකළ හොත් ලබන ජූනි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සමුළුව ද ශ්‍රී ලංකාවට අහිමි වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.