― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඋසස් පෙළ කෘෂි විද්‍යාව 02 ප්‍රශ්න පත්‍රය අවලංගු කෙරේ

උසස් පෙළ කෘෂි විද්‍යාව 02 ප්‍රශ්න පත්‍රය අවලංගු කෙරේ

මෙවර උසස් පෙළ විභාගයේ පෙරේදා (10) පැවති කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය අවලංගු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ විභාගයට පෙර අදාළ ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍යයේ සංසරණය වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු වනු ඇති.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 දැනට පැවැත්වෙන විභාගය අවසන් වූ වහාම නැවත පැවැත්වීමට කටයුතු කරනු ලබන බවත් එම විෂයට අදාළ විභාගය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම්දෙන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.