27.8 C
Colombo
Wednesday, January 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅවලෝකිතේෂ්වරට විදෙස් ගමන් තහනමක්

අවලෝකිතේෂ්වරට විදෙස් ගමන් තහනමක්

බෝධි සත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නැමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පීරිස් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම පුද්ගලයාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසත් නියෝග කළා.