පාකිස්ථානයට අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා වන මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය ඊයේ (11) දිනයේ හිමි ව ඇති බවයි.
මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන අනුමත වීම, පාකිස්ථානයට සෞදි අරාබිය ඇතුළු රටවලින් මූල්‍ය සහාය ලබගැනීම සඳහා ඉතා වැදගත් වන බව විදෙස් විචාරකයෝ පෙන්වා දෙන්නේ.