― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅයිස්ලන්තයේ ධීවර නගරයක් ගිනි ගනියි

අයිස්ලන්තයේ ධීවර නගරයක් ගිනි ගනියි

අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්නේ ඊයේ (14) අලුයම මෙම ලාවා නගරයට ළඟා වී ඇති අතර ලාවා කාන්දුවීමෙන් පසු Grindavik ධීවර නගරයේ නිවාස ගිනි ගෙන ඇති බවත්ය.

ලාවා ගලායාමෙන් නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය ඇණහිට ඇති අතර එරට ජාතිය අමතමින් අයිස්ලන්ත ජනාධිපති Gudni Johannesson ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම නිවෙස්වල සිටිය නොහැකි අයට එකට සිටිමින් උදව් කරන ලෙසයි.

තත්ත්වය සමනය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් ඕනෑම දෙයක් සිදුවිය හැකි බවද එරට ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.