― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකන්දකාඩු මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක්

කන්දකාඩු මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක්

ඉදිරියේදී කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක් සිදු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

මත්ද්‍රව්‍ය හා වෙනත් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධවුවන් පුනරුත්ථාපනය කිරීම සදහා රදවා සිටින වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් දෙපිරිසක් අතර දිවා ආහාරය සම්බන්ධයෙන් වූ ගැටළුවක් මුල් කර ගනිමින් පසුගිය 12 වැනිදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

දිගින් දිගටම වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඇති වන ගැටුම් සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.

අදාළ වාර්තාව දින දෙකක් තුළ අධිකරණ අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිතය.

අදාළ වාර්තාවද සලකා බලා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනස් කිරීම කඩිනමින් සිදු කරන බවත් යළිත් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා උපදෙස් ලබා දී ඇති බවත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළා.