― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsෂේන් වෝන් මියයාමට පෙර හමුවූ තරුණියන් ගැන තොරතුරු එළියට

ෂේන් වෝන් මියයාමට පෙර හමුවූ තරුණියන් ගැන තොරතුරු එළියට

ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ කාමරයේ මිය යාමට පැය කිහිපයකට පෙර ෂේන් වෝන් නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී තායි නිවාඩු නිකේතනයෙන් සම්භාහනය කරන්නියන් සිව් දෙනෙකු ගමන් කරන සීසීටීවී කැමරා දර්ශන දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රාදේශීය පොලිසියේ වාර්තාවක් උපුටා දක්වමින් මේ බව සදහන් කර තිබේ.

ෂේන් වෝන් හෘදයාබාධයකින් ඔහුගේ කාමරය තුළ මිය යාමට පැය දෙකකට පමණ පෙර මෙම සිද්ධිය සිදුව ඇත.

මිතුරන් පවසන්නේ 52 හැවිරිදි වෝන්, සිකුරාදා දහවල් ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ සිටි බවත් Koh Samui හි සුවිශේෂී Samujana Villa නිවාඩු නිකේතනයේදී කාන්තාවන් දෙදෙනෙකු විසින් වෝන්ව සම්බාහනය කර ඇති බවයි.

සිකුරාදා පස්වරු 1.53 ට කාන්තාවන් හතර දෙනෙකු නිවාඩු නිකේතනයට පැමිණෙන අයුරු සීසීටීවී දර්ශනවලින් ලබාගත් ඡායාරූප වලින් දැක්වේ. පොලිස් ආරංචි මාර්ග MailOnline මාධ්‍ය වෙත පවසා ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ කාමරයට පැමිණ ඇති බවයි.

පොලිසිය විශ්වාස කරනුයේ සම්බාහන ශිල්පීන් සිව් දෙනාම සවස 2.58 ට පිටව යන ආකාරය රූගත කිරීමට පෙර තවත් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ මිතුරන් සමඟ පැය දෙකක් ගත කළ බවයි.

ක්‍රිකට් ක්‍රීඩක වෝන් සවස 5.15 ට ඔහුගේ කාමරයට ප්‍රතිචාර නොදක්වන බව මිතුරෙකු විසින් සොයා ගෙන තිබුනි. කාන්තාවන් නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් පැය දෙකයි මිනිත්තු 17 කට පසුව බවද අනාවරණය වේ.

වෝන්ගේ කාමරයට පැමිණි සම්බාහන ශිල්පීන් දෙදෙනා ඔහු ජීවතුන් අතර සිටියදී හමුවූ අවසන් පුද්ගලයින් බවට විශ්වාස කෙරේ.

අදාළ කාන්තාවන් හඳුනාගෙන තිබේද නැතහොත් පොලිසිය විසින් එම කාන්තාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇද්දැයි මෙතෙක් වාර්තා නොවන බවද සදහන් වේ.