27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෝදර වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

මෝදර වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

මෝදර – රන්දිය උයන ප්‍රදේශයේ දී ඊයේ (15) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වුණේ රන්දිය උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.